එන්ජිමේ බෙරහඬට අත්පුඩි ගසන වීදුරු කවුළු
ටකරමේ මලකඩ මුසුවෙලා හමන ඩාදිය සුවඳ
හඬ නගා අඬන තිරිංගය මුදා අැදෙන ලංගම ය
දුක් විඳින උන් හිත නිවන නිවසට ම ගෙනයන
රෑ දෙගොඩ කණිසම පෝය දවසත් නොවරදන
කහඅැස් දෙකට ම කැපෙන රතු පාට ලංගම ය
මහ දවල් තරගයට පියාඹන බස් අතර තැලෙන
දැන දැන ම ලංගමට කෝචොක් දමන මිනිසුන්
මහ රෑට සතුටු බස් දෙමින් ගොඩ වන ලංගම ය
සැප රියක අසුනකට බර වෙන්න හීන දකිමින්
නිදිවරනවා අැති නැවතුමක මදුරුවන් තලමින්
හුඟක් උන් මහපාරේ රෑ නොවන්නට ලංගම ය
දුර ගිහින් යකඩ ගොඩකට එකතු වනවා දිනක
නතර කර ගමන නැවත පණගන්න බැරි ලෙස
ඉතින් ජීවිතය කියාදෙන අැදුරෙක් ය ලංගම ය
ලස්සන කවි ටිකක්.
ReplyDeleteඇත්ත කතාවක්.