කිසිත් නොකියා
බොහෝ දේ කියා දී
ඔහු නික්ම ගොස් ය
නිහඬ බව තුළ
අපමණ
ගැඹුරු බව දරා ගත්
අැදුරු සමුදුර අද
සිඳී ගොස් අැත
විඩා අැති බොහෝ විට
නිමා නැති ගමනක
කෙටි විරාමයක් ලෙස
නික්ම යන්නට
හිතන්නට අැති ඔබ
වේලාසන ම
පර්යේෂණ මෝස්තර
පිටු අතර ඔබ අන්තිම ම
තිත තියා අැත අද
යළිත් අප අතර ඉපැදී
අකුරු උගන්වනු මැන
කිසිත් නොකියා
බොහෝ දේ කියා දී
ඔබ නික්ම ගොස් ය
No comments:
Post a Comment