මන් කැමති අකැමති කතාවට
අැරඹුමක් පිළිවෙළක් නැතුවට
එය ගැටගසා කියන්නට නම්
මේ අකුරු හොඳටෝ ම මදි ය
මතකයේ අඩුවැඩිය පුරවන්න
විතරක් අැවිත් යන එන තරමට
අැය ගැන සඳහනක් වුව යම්
බිදුණු සිතකට දුරාවබෝධ ය
මළ දවසකට මල් පෙති පහ
සුවඳ විතරක් ශේෂපත කොට
එවන් වු නටුවකට තව නම්
හිතක් නැති බවයක් ඉතිරි ය
තරු පිරෙන හැටියට රැයට
හිත නිවන කවියක් හැරුණ ම
සඳ කිරණ මිස සසැඳිය හැකි
ගනඳුර මුදන කිසිවක් නැති ය
පුරුදු වුණු පසු තනිකමට
රැයඅඳුර පෙම්කතාවකි එවිට
කණාමැදිරියකුගෙ එළිය වුව
තැවුල් දෙන නිමිත්තක් ම ය
No comments:
Post a Comment