තුරු මුදුන් අතරින් ලිහී විත් හෙමිහිට
හැමදාම සඳ ඵළිය වැටුණෙ මෙතැනට
මතක ද කවුරුවත් ළඟ නැති අැසිල්ලට
සේපාලිකා මලක් හැරවුණා හාද්දකට
අාලින්දයේ ප්‍රේම අාලිංගන මැද ඉඳහිට
තනි වෙන්න නුඹ ඵක්ක පෙරුම් පිරුවට
අම්මා අප්පච්චි වලව්වෙන් යන හැමවිට
රියසක භාර වුණෙ නුඹේ අත්තටු දෙකට
පොරොන්දම් පත් ගැලපුණා නැකතට
මනාලයෙක් අැවිත් පොහොසත් උඩරට
අැඹුල් කර ගෙන හිටි නුඹෙ මුහුණ යට
කඳුළු මල් අැහින්දා මං හැඬුම් දී අහසට
නෑසිය හිතවතුන් හැර යළි නො ඵන්නට
නුඹත් ඵක්ක ලා අත්තටු පටලවා සදහට
පියාඹා ගෙන අාවා අපේ ම කැදැල්ලට
ඵදත් මතක ද සඳ ඵළිය හිටියා තනියට
No comments:
Post a Comment