ඉකුත් රැය සඳ වෙත
තිළිණ කළ සෙනෙහස
යළිත් මතු දින පුදනු
හැකි වෙ ද පුරුදු ලෙස
පෙළක් විට හවසක
අවන්හලක දී අායෙ ම
අහම්බෙන් හෝ අපි
මුණ ගැහේවි ද මිහිරිය
එ වන් මොහොතක
වදන් නො දොඩා වුව
සඳ දිහා එබෙන්නට
ඉඩක් දෙනව ද අහස
රැයක් විය ඉතා දිගු
මතකයෙන් අැවිද යන
නුඹත් එක්ක ම සඳ
හදක් වුව ද මිලින විය
ඉතින් කලුවර හැර
වෙනත් පැහැයක් නැත
දෑස් දෙක හඳුනන
දන්නවද අමාවක ගැන
No comments:
Post a Comment