කට්ට කළුවර අහසක සිට
පහන් එළි ඉල්ල ගෙන අා දා
නුඹ යි නෙත්මල පිබිදුවේ
පෙර දින
අනේ!
අම්මා කෙනෙකු හැර යාම
දරුවෙකුට කළ හැකි ද කොහොම
වසත් ඍතුවක යළි නේන
හැඟුම් විරහිත විලස
දැන දැන ම
සමු දිය යුතු බව දිනක
අම්මේ, අැයි ද බිහි කළේ
එක ම කුසයක් පළා ගත්
සහෝදර හදවත් මේ සා
බත් මුල් එකින් එක ලිහපු
බත් ගුලි මුවින් මුව තබමු
එකට කලියෙන් එක ම මේසෙක
වාඩි වුණ හැටි තරගයට
මතක් වී නො කාවී
බත් කට හෙට
කොහේ හෝ හිර වී අැත
නුඹලා
වරින්වර ගිය ගමන් කොහේ හෝ
යළිත් යන වරක වෙන උන් හා
පටැලිලා දෙපා අැද වැටේවි මතුදා
මතක් වී දොඩමලුව පෙර මා හා
හවස් වරුවල තේ බඳුන් හිස් කර
නවාතැන වෙත යන්න අදිමදි කළ
දවස් ගැන හිතන එක නම් හෙට
පුරුද්දක් වනු අැත සහතික ව මට
නොහොබිනා තෙපුල් මැද රතු වු
කොපුල් තල අැඳුණු ඉරි රැළි කළ
පෙළක් කවටකම් මතක් වූ විට
හෙටත් මට සිනහ යනු අැත
අවසන ඉතුරු කර ගත් අාදරබර
මහ හුඟක් රිදුම් දෙන තැන්වල
පරිස්සමට ගෙන පින්තූර ටික
එකින් එක අලවමි ලස්සනට
No comments:
Post a Comment