කවි ගැන දොඩමලු මැද
ගෙවී ගිය සවස්වල
මචං උඹෙ අැස්වල පණ ගහපු
සිහිනයක් දුටුවා හැමදාම
'සුදු පාට දේදුන්න'
ඔව් උඹ එහෙම නම දුන්න
කැම්පස් ගුරු පාරේ
රටා අැඳි ඉදල් ගැන
උඹ ලියපු එ් කවිය
අදටත් රිද්දනවා
මගෙ පපුව
එහෙම කවි රොත්තක්
බදා ගෙන අඬමු බන් අපි
මේ පොළොව හැරයන්න
කලියෙන්
අැත්ත ම යි මචං
පොතක් කියන්නෙ ම
සිහිනයක්
කවියෙක් කියන්නෙ ම
හොඳ මිත්‍රයෙක්!
No comments:
Post a Comment