දිය සිඳී ගොස් පිපාසෙන්
ඉරී තැලුණු තැන් පෙන්වමින්
බිදුණු මව් ළතෙත් පඳුරක්
තුරුපතක් අමතා කී කවක්:
''පුතුනි අප වැනි ම මිනිසුන්
හෙළු දහඩිය කඳුළු හුස්මන්
රැඳී ඇති බැවිනි මෙතරම්
සුළං රැළි වුව ද උණුසුම්
වැසි ළඟ ම ඇත ඉවසපන්
සතුටුමල් සිපගන්න දෑසින්
මියුරු ඵල එක්ක සැනසුම්
අප්පච්චි අත අරන් එනකම්
දුක සතුට දෙක නිති මැදින්
ජීවිතය ඇත පෙරළෙමින්
පුතුනි එ බැව් නුඹ දනී නම්
වැහි ඉඩෝර වුව නැත කම්"
No comments:
Post a Comment