උන්වහන්සේගෙ ශ්‍රාවකයන්
ඉතා පැහැපත් ය ඵහෙත්
තරමක් තරබාරු ය
ඔවුහු
ඉස්තරම් ම
කසාවත් පොරවති
කිසිත් පීඩා නැති
සුවපහසු රථවලින් ම
දනට වඩිති
උස් අසුන්වල ම පිළිගනිති
මැනවින් සාදා අැත්නම්
නොවළහා තව වරක් අයදිති
කුස තර කර ගනිති
දහම් පද කියා දී
උවැසියන් සිත තුටු කරති
අැතැම් සාමණේර පොඩිහූ
නින්දෙන් ම
පින් අනුමෝදන් කරති
ඵබඳු දිනවල
නිවෙස් සැණකෙළි බඳු ය
තොරන් අරුමැසි හැඩ ය
සුදුවතින් සැරසුණ
නෑසියන් හමුවුණ
පුයර ගෑ මුහුණු ය
රටාවට ඵලූ නේක පැහැ
විදුලි බුබුළු ය
දාන මාන කොට හවසට
මධුපානෝත්සව ය
උවැසි දන දන ගැන
පසුවිපරම් කරති
ගේහිමි තැන ශේෂ පත
හඬනඟා පවසති
අඩුවක් වෙතොත්
බිරින්දෑ ඵය පුරවති
උන්වහන්සේගෙ අනුගාමිකයන්
ඉතා සැදැහත් ය ඵහෙත්
තරමක් අවිචාර ය
No comments:
Post a Comment