Sunday, September 1, 2013

ආදරයේ ගිම්හානය

මටත් අවශ්‍ය යි
නිදහස සොයා යන්න
සම්ප්‍රදාය බිඳ ගත්
නො හික්මුණු
හිපි රැලක් එක්ක

මධුවිතින්
සප්පායම් ව
සත්සරින්
කුල්මත් ව
රමණයෙන්
මුසපත් ව
ජීවිතය
ආස්වාදනය කරන්න

සංස්කෘතික සාගරයෙන්
සදාචාර බැම්මෙන්
එහා කොදෙව්වක
ගිමන් හැර එන්න
මටත් අවශ්‍ය යි

එහෙත්
ආදරයේ ගිම්හානය
මගෙන් ඈතයි

2 comments:

  1. සද๟ච๟ර බ๠໦๧මන๞
    එහ๟ ๧ක๟๧ද໵වක....grate mchn..

    ReplyDelete