Thursday, June 11, 2015

කඳුළක් වෙමි

කඳුළක් වෙමි හඬන දෑසක වෙහෙස දරන
කොපුලක් වෙමි ගලන කඳුළක සිහිල රඳන
දෙතොලක් වෙමි රතැති කොපුලක හාදු තියන
පවසක් වෙමි විඩා දෙතොලක ගිමන් නිවන

ගඟුලක් වෙමි දහක් දෙන පවස සන්හිඳන
කන්දක් වෙමි ගලා යන ගඟුලක පණ පිඹින
අහසක් වෙමි උස් වු කන්දක සෙවන සදන
තරුවක් වෙමි උදා අහසක සදා ඵළිය දෙන

සයුරක් වෙමි දිලෙන තරුවක කැලුම් පතන
පවනක් වෙමි නිහඬ සයුරක තරඟ පිසින
හවසක් වෙමි හමන පවනක සුවඳ සොයන
කවියක් වෙමි තනි වු හවසක හිතට ඵබෙන

No comments:

Post a Comment