Saturday, April 18, 2015

මහමායා ව කලුරිය කළ දා

ලෝකය ම ජය අරන්
කිරුළ හිස පළන්
රජකු ලෙස
ගමට ඵන දා
නුඹ හිටිය නම්
මා ළඟින්
හිස මත සිනිඳුවට
අතැඟිලි අැවිදවා
උණුහුම් ම හාදුවක්
නළලත තියාවි

ඵ්ත් නුඹ
පියා ගත් දා
දෙනෙත් සදහට
කොහේ සැඟෙව්ව ද
සිනහවක කඳුළු
අහිමි කර මට
සෙනෙහසක මහිම

මහමායාවණි
බුදු වන්න නො පැතු
සිදුහත් කෙනෙක්
වෙමි මම
දෙව්ලොවෙන්
සිහිනයට විත්
නැළවිලි ගීයක්
කියනව ද
ඉස්සර වගෙ ම
නින්ද ඵන තෙක්
මා ළඟට

No comments:

Post a Comment