Sunday, April 20, 2014

විසල් ගසක්

කලකට ඉහත
විසල් ගසක් ව
නුඹ
හිඳින්නට ඇත

සුවඳැති
මල් පිරිවරා
රස ඇති
ඵලවැල දරා

නෙතට
හරිත පැහැ
අඳුනක් ව
ලොවට
සෙවන දෙන
නිවසක් ව

අතු ඉති
බිඳී ගොස්
කොළ පත්
හැළී ගොස්
අක් මුල්
සිඳී ගොස් ය
අද

කලකට ඉහත
විසල් ගසක් ව
නුඹ
හිඳින්නට ඇත

2 comments:

  1. අරුමයක් නොව
    මෙයයි සත්‍යය,
    නමුදු
    තවත් එක් ගසක්
    හෙට දින
    ගනී නුඹේ තැන

    ReplyDelete
  2. සහතික ව ම කැස්පර්

    ReplyDelete