Sunday, February 15, 2015

අම්මාවරු

මුළුතැන්ගේ ලිප අවුළන්න දරකෝටු අැහිඳමින්
කටු කැලෑවල අැවිද ගොස් පැලී ගිය දෙපතුලින්
නිවන් පුර පියමනින්නට නැතත් පුරා පෙරුමන්
නිවී සැනහෙනවා දවසක දුක්විඳින අම්මාවරුන්

අැස් ඉස් මස් නැතත් දන් දී කිරට හැරවූ ලෙයින්
දනන් මුව හිරුට සදිසිව ජීවිතය තැවරූ පිනෙන්
මෙතේ බුදු හිමියන් දෙසන පළමු බණ පදයෙන්
ඵතෙර වෙන්නට ඕනෑ අම්මාවරු මේ සසරෙන්

පුතුන් දුවරු ගැන මිස අත්හැරීමක් නොවූයෙන්
බවුන් සිත පමා වූ මුත් සසර බැඳි සෙනෙහෙන්
දැහැන් වැද හිත රැඳෙන කල පළමු කමටහෙන්
නිවන් දකිත්වා අම්මා වරුනේ විශාඛාවන් වන්

No comments:

Post a Comment