Wednesday, February 11, 2015

පුදුම යි

නො හිතා ඉන්නට යළි නුඹ ගැනම
හිත තවත් මැලි වෙන හැටි පුදුම යි
හදවත මෙතරම් රිදවපු හිත ගැනම
අහිතක් නො හිත ඉන්නවා පුදුම යි

දැක ගන්න නුඹ පමණක් ම සදහට
අැස් පිය නො සැලෙන හැටි පුදුමයි
දෙනුවන මෙතරම් රවටපු අැස් යට
කඳුළක් නො නැගෙන හැටි පුදුමයි

සිපගන්න නුඹෙ දෙතොල් විතරක්
සිහිනෙනුත් පියමනින හැටි පුදුමයි
රිදවන්න මගේ හිතම නුඹ අැවිදින්
මතකයත් ඊට ඉඩ දෙනවා පුදුම යි

No comments:

Post a Comment