Wednesday, September 17, 2014

සංසාර කවිය

හන්තාන කඳු මුදුන
බලා හිඳී නිහඬ ව
නිල් පාට මහවැලිය
ගලා බසී රහසෙ ම

වස්සාන සිහිනෙක
කම්මුල ම රතු කර
තැබූ හාදු පෙළ
තවමත් සිහි කරමි

සංසාර කවියක
පන්හිඳ ම නතු කර
ලියූ පේලි තුළ
අරුතක් ගැන සිතමි

2 comments:

  1. කම්මුල රතුවෙන්න නම් හාදු ගොඩාරියක් ඕන වෙනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. හැබැයි එක හාදුවකටත් බැරි නැහැ.

      Delete