Thursday, September 3, 2015

හදවතත් අද සුසානෙකි

සොහොන් පළ තනි වෙමි
කවුරුත් ම ගිය පසු
නුඹ සමග මම

තැනින් තැන ඉදිමුණු පස් කඳු ය
පෙළක් තැන් කුරුස ඔසව ගෙන
සුවිසල් කොත් මත
ග්රැනයිට් නාම පුවරු ය

පරවෙලා හැලුණ අරලියා මල් ය
මදක් දැල්වී නිවුණු ඉටිපන්දම් ය
හුදෙකලා සුසානෙක
තනිවීම නම් බියකරු ය

ඉතින් නුඹ දමා යන්නට බැරි ය
අඳුරට ඉස්සරත් නුඹ හරි බය ය
නිදන්න මෙහි අැවිත්
හදවතත් අද සුසානෙකි

No comments:

Post a Comment