Thursday, September 3, 2015

කවිය වළලමි

උදේ මහ පාර අතුගාන පිරිමින් ගැන
රෑට මහ පාරේ විකිණෙන ගෑනු ගැන
මහන මැෂිමට ගෙවෙන කකුල් ගැන
ගල් කොරියෙ තැලෙන දෙඅත් ගැන

කවියෝ කවි ලියා අැති මුත් අපමණ
සසල වීමක් නැත මිනිස් හද ඵපමණ
ගොළුවෙමි පන්හිඳක් සේ තුඩ බිදුණ
ගිනි තබා කෑගසන කවිපොත පරණ

ලේ පිපාසිත උන් වෙසෙන මේ රට
තැත්කරන කල හැම බෙදී යන්නට
කවිය වළලමි මිනිස් මළකඳන් යට
නොදුටු ඉර නැගෙන තෙක් අහසට

No comments:

Post a Comment