Wednesday, May 30, 2012
වියපත් දෑස
තනිකඩ පැල අඳුරුයි
කුරහන් යාය ම පැසී ගොසින්
කාලය අබියස පුරන් වෙලා
එදා ලියැදි දිග
ගොයම් සුවඳ විඳ
කුරහන් මල් නෙළුවා
මතකයි තවමත්
මේ දෑසට වියපත්
එදා අහස පිරි
තරු කැන් මැද
පුන්සඳ වන් මැණිකා
මතකයි තවමත්
මේ දෑසට වියපත්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)