Sunday, August 31, 2014
කඳුළ
ඇහි දාර දිගේ හීතලට
නුඹ ගලා බසී හෙමිහිට
හුස්මක් හෙළමි අහසට
සිනහව උරුම නැහැ මට
ඇහැ දැන් හුරු යි අඳුරට
සැනෙකින් පියෙයි එළියට
ඇය නොමැති රැයකට
සඳ ඕනේ නැහැ මට
හිටි ගමන් ඇවිත් මතකෙට
සිහිලස සලයි දෙනෙතට
නුඔ ඉන්න තෙක් තනියට
මතක නැහැ හිනා වෙන්නට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)