Sunday, January 5, 2014

විල් තෙර

පිපාසය
සන්සිඳ වූ
විසල් විල් තෙර
සිඳී ගොස් ය

හාත්පස
සුවඳ ලූ
සඳුන් දැව කඳ
දිරා ගොස් ය

ආදරය
පුරවපු
වසන්තය
ගෙවී ගොස් ය