Tuesday, November 21, 2017
මිතුරු කවක්
සඳ අහස් කුසින් බැස
පොළොව හමුවනු රිසින්
සයුර එ් පොළොව හා
පෙම්කතා කියයි සෙමින්
සඳ අැවිත් ළඟින් හිඳන්
මිතුරු කවක් අතින් අරන්
දුක් කථාවක් වෙලා
කියයි අහසෙ සැහැසිකම්
මඟබලා නො ඉඳ තවත්
හැරයන්න හැඟුම් සුපෙම්
පොළොව සයුරට බැඳී
හිඳියි එය අැත්තකි ඉතින්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)