Tuesday, November 21, 2017

මිතුරු කවක්

සඳ අහස් කුසින් බැස
පොළොව හමුවනු රිසින්
සයුර එ් පොළොව හා
පෙම්කතා කියයි සෙමින්

සඳ අැවිත් ළඟින් හිඳන්
මිතුරු කවක් අතින් අරන්
දුක් කථාවක් වෙලා
කියයි අහසෙ සැහැසිකම්

මඟබලා නො ඉඳ තවත්
හැරයන්න හැඟුම් සුපෙම්
පොළොව සයුරට බැඳී
හිඳියි එය අැත්තකි ඉතින්

No comments:

Post a Comment