Wednesday, February 28, 2018

කෙටි පරතරය

බොහෝ වෙහෙසකර ය මේ මග
එකිනෙකා නොරුස්සුනා තරමට
කෙටි පරතරයක් අැත හොඳට ම
මහා මේඝයක් වී හැම වනසන්න

තරගයෙ දී මා හැම විට ම පරාද ය
කිසිවකු හෝ එහි පරාජිත විය යුතු විට
වෙතොත් යම් දිනුමක් සැමට එක ලෙස
එවන් තැනකට කැඳවන්න මා සිත

කාලය අවනඩුවක් ය බොහෝ විට
නොදී පිළිතුරු පැන යයි රහසින් ම
ඉතිරි වී අැති ටික කාලය සෑහෙන්න
ජීවිතය නැවත කියවිය යුතු නොවෙ ද

No comments:

Post a Comment