Wednesday, February 28, 2018

සුහුඹුල් අතැඟිලි

කුඩා බිළිඳියක ළඟ
ඉසියුම් බස් දොඩන එක
මොන තරම් අපූරු ද
විඩා පිරි දිවිය එවිට
සුහුඹුල් අැගේ අතැඟිලි අතර
ගෙවී යයි නොදැනි ම

උපේක්ෂාවේ නෙත්සරය
සිනහවකින් එබෙන කල
සිහිකරයි මා මනස එකවර
ඉන් එපිට මහ මග
අපමණ තරගයකි හැම විට
හෙට දවස අැය ද අා යුතු

No comments:

Post a Comment