Wednesday, February 28, 2018

අෑ සිනාසෙන විට

අෑ සිනාසෙන විට
මා දෙතොල මතුරයි
ඉමිහිරිතම සෙත්කවිය
අාදරය යැයි නම් කරන

විටෙක මා තුළ
වැඩෙයි සර්පයෙකු
බොහෝ ළෙන්ගතු
අැය හා සමීප ව
ප්‍රේමයෙන් අැළෙන

තව විටක පෙන නගා
වියරු වෙයි සිතුවිලි දරණ
අරණක් ය මේ ගැටුම
ජීවන තුඹස ගොඩනගන
අැතුළතින් දිනක
බිඳහෙළිය යුතු

එවිට වියෝගය නම්
සන්තාපය නැතැ යි
අැය ම කියනු අැත
නිරාමිස ලෙස සිනාසී

එවිට අෑ මා
වැළඳ ගනු අැත
සදහට
දැන දැන ම
මා නැති වග

No comments:

Post a Comment