Wednesday, February 28, 2018

සොයුරුවැලිකැට

රළ අතර ගැටෙන සොයුරුවැලිකැට
හැර නොයති සයුරු තෙර කිසිදිනක
හිරු ගිලෙන සවසක තනියට තව ම
ඉකිබිඳින බෙලිකටුව පමණි රැඳුණෙ

නිහඬ නිසසල වටපිටාවකි මා අවට
සිතුවිලිපවන එහෙත් අද කලබල ය
දුර අැදෙන නෞකා දෙස දුක්මුසු ව
හෙළූ බැල්මය පහන්කන්දක මුදුන

ගල්පරය කිරි පෙණ අතර කිමිදෙන
කරදියට මිරිදිය එක් වන ඉසව්ව ය
සඳ එළිය මත්තෙ ම හැපෙන තරඟ
සොඳුරු හැඩරුවකි අැයට ම ඔබින

සඟවා ගෙන සයුර ඉපැරණි දෙබස්
ගැඹුරුතම තැනක දරා ගෙන රහස්
සිනාඅැස් පෑ මීන රැළටත් හොරෙන්
කඳුළු අහුරගෙන ඉන්න හැටි කියන්

No comments:

Post a Comment