Monday, March 14, 2016

අපට තිබුණේ හමු නො වන්නට ය

අපට තිබුණේ වෙරළ ඉම
හමු නො වන්නට ය

වැටකෙයියා පඳුරක් ළඟ
මතක අසිපත් ඔසව ගෙන
සතුරු සේනා ඵ සේ වී නම්
මඟහැර යන්න තිබුණා අද

අපට තිබුණේ රඟහලක
හමු නො වන්නට ය

වේදිකා රංගනයක මැද
විසල් අත්පුඩි නිහඬ කළ
සිනා හඬ නුඹට ළෙන්ගතු
නො අසා ම ඉන්න තිබුණා

අපට තිබුණේ උයන් කොන
හමු නො වන්නට ය

රෝස මල් පඳුරක් උඩ
වැටුණ ඵක කවියක් ගැන
කිසි ම දවසක කිසිවකු
හෝඩුවාවක් නො අසන්න

No comments:

Post a Comment