Monday, March 14, 2016

අලුයමකි අභිනිෂ්ක්‍රමණය

දූවිලි වැදී අවපැහැ ව ගිය
විදුලි බුබුළෙන් පෙරී ඵන
මන්ද අාලෝක ධාරාවෝ
අඳිති නෙක රූ සිතුවිලි රෑ

නිරුවතින් පියවර නංවන
ගැහැනු පුරුෂ සෙවණැලි
වීදි දිග සළු ලිහා ගොසිනි
ඵ සලකුණු නංවති රූබලි

වෘකයෝ උඩු බුරති මූසල
කන් දී සරතැසින් වල්මත්
අැස් කොන්වලින් වගුරති
රැයේ රතියක හතිය ඔවුහු

අලුයමේ පාත්‍රය අරගෙන
වඩිති නිසරු කය රැකගනු
මහණ බමුණෝ පිඬු සිඟා
උවැසියන් වෙත විරාගී ව

ඉකුත්රැය පුරුෂ අාලිංගන
සිතින් හළු කොට පහදවා
ක්ලේෂයන් දුර්වල කොට
දන් දෙති ඔවුහු රසමසුවුළු

සංසාර අාරණ්‍ය ලුහුබඳින
කම් පහස හැර නික්මෙන
අලුයමකි අභිනිෂ්ක්‍රමණය
සිද්ධාර්ථට යශෝධරාට ද

No comments:

Post a Comment