Monday, March 14, 2016

මන්නාරම් වෙරළ

මන්දාරම් අඳුර මැද
මන්නාරම් වෙරළ සිඹ
හමා ඵන සුළං රැළි
දෙමළ දැයි මට කියන්

සීත කඳුළු දෑසට
උණු පවන් කැට
සැනසුමක් නො වෙ ද

ඉතින් සිනහවට බහක්
තියේ දැ යි මට කියන්

සිහින මිය ගිය
මතක සොහොනක
පහන් දැල්වීම
වැරදි දැ යි මට කියන්

දෙ පසක වූ හිත්
ඵකතු වූ තැනක්
නො බෙදුණු බිමක
සිහිනයක් පමණ ය

තවත් කල් අවැසි ද
හඳුනන්න මට කියන්

No comments:

Post a Comment