Tuesday, November 21, 2017

රොන්මඩ බැඳුණ තැන්

බටහිර අහසට
ඵ සඳ ඵසේ
පෑයුවේ අැයි දැයි
හරියට ම නො දනිමි

ගන අඳුරෙ ම අැවිත්
අරගෙන ගිය සතුට
රොන්මඩ බැඳුණ
තැන්වල තව ම
මම විමසමි

ජීවිතේ අපමණ
දුක්ගැහැට උහුලන
අැස්වලින් වෑස්සෙන
කඳුළුවල බර දන්න
නුඹ ම උරණ වුණ
ඵක ය මට දුක

ඉතින් පාන්දරක්
ගැන සිහින දකින
අවතැන් සිතකි
අද උරුම මට

No comments:

Post a Comment