Tuesday, November 21, 2017

මුහුණු පොත මුහුණ කලු කර ගත්

කලු හමක් අැති උන් ද
මේ මහපොළොව මත
මියැදෙමින් අැත

පෙළක් උන් සා ගින්නේ
‍තවත් උන් වැටී යුදබිමේ
නැතිනම්
සාහසික උන් අතින්

ඵහෙත් කිසිවකුත් නැත
උන් නමින්
මුහුණු පොත මුහුණ
කලු කර ගත්

No comments:

Post a Comment