Tuesday, November 21, 2017

සිරියාව කොහි ද පුතුනි

රණබිමක් වෙත
සිය පිරිස් යවන
පුළිඟුවක් අැත
ලොව පුරා පැසෙන

ධර්මයක් ගොත
මරණයක් පතන
ක්ෂමාවක් නැත
ස්මරණයක් පමණ

රතු පළස් මත
ජය ධජ බඳින
නො මිනිස් සත
රුධිරය ම යදින

සිරියාව නැත
උණු කඳුළු උනන
මවක උසුළත
පයෝධර යුග හඬන

No comments:

Post a Comment