Tuesday, November 21, 2017

නුගේගොඩ නුඹ ඉතිහාස පොත

නුගේගොඩ නුඹ
ඉතිහාස පොතකි
පෙළක් පිටු ඵහි
ඉරී අැති මුත්
පුරුදු තැන්
තව ම
බොහො ම ය

හයිලෙවල් පාර දිග
ඵකට අැවිදි ගිය අය
අද ද මග තොට
සිනාබස් දී හමුවෙති

පුරුදු නැති තැන්වල
මඟ හැරුණු අැස්
හෙටත් හමු නො වී
වෙන් ව යනු අැති

No comments:

Post a Comment