Tuesday, November 21, 2017

ලංගම

එන්ජිමේ බෙරහඬට අත්පුඩි ගසන වීදුරු කවුළු
ටකරමේ මලකඩ මුසුවෙලා හමන ඩාදිය සුවඳ
හඬ නගා අඬන තිරිංගය මුදා අැදෙන ලංගම ය

දුක් විඳින උන් හිත නිවන නිවසට ම ගෙනයන
රෑ දෙගොඩ කණිසම පෝය දවසත් නොවරදන
කහඅැස් දෙකට ම කැපෙන රතු පාට ලංගම ය

මහ දවල් තරගයට පියාඹන බස් අතර තැලෙන
දැන දැන ම ලංගමට කෝචොක් දමන මිනිසුන්
මහ රෑට සතුටු බස් දෙමින් ගොඩ වන ලංගම ය

සැප රියක අසුනකට බර වෙන්න හීන දකිමින්
නිදිවරනවා අැ‍ති නැවතුමක මදුරුවන් තලමින්
හුඟක් උන් මහපාරේ රෑ නොවන්නට ලංගම ය

දුර ගිහින් යකඩ ගොඩකට එකතු වනවා දිනක
නතර කර ගමන නැවත පණගන්න බැරි ලෙස
ඉතින් ජීවිතය කියාදෙන අැදුරෙක් ය ලංගම ය

1 comment:

  1. ලස්සන කවි ටිකක්.
    ඇත්ත කතාවක්.

    ReplyDelete