Tuesday, November 21, 2017

පොරි මල්ල

ජීවි‍තේ කෙටි නිවාඩුවක දී
බස් රියේ කවුළුවෙන් එපිටට
දෑස් යොමු කළෙමි මම
ඔහුට අැසිල්ලක් දුර සිට

කඩදාසි බහාලුම ඉතිරෙන්න
සිනාසී පිපෙන පොරි අහුරු ළඟ
එහෙම අාදරවන්ත හදවතක්
තාත්තෙක් ළඟ විතරක් අැත

මචං අන්න අර කඩයෙන්
පොරි මල්ලක් ගෙනෙන් බන්
පොඩ්ඩා හරි අාසයි
හැමදාම අහන්නෙ ම ඕක යි
බස් රියේ සහායක
මිතුරු හදවතට අත්හළ
දෙබස් කිහිපය එහෙම ය

අැසිල්ලට දිව ගිය
ගමන් සගයා
හිනා අහුරක් අරන් අාවා
ඉනික්බිති තිරිංගය
සැහැල්ලුවකින්
මුදා හැරුණා

තවත් මොහොතකින්
ජීවිතයෙ දිගු ගමනක
නවාතැනක් වෙත
මම අැවිත් හිටියා

No comments:

Post a Comment