Tuesday, November 21, 2017

ඔරලෝසු කටු

මට කියන්න සොඳුරිය
ප්‍රේමයේ සිහිවටන ගැන
පුංචි හෝ ඉඟියක්
නුඹට නො දැනේ ද
ඉඳහිට හරි

මතක විදිහට
පිළිවෙළක් නැතුවට
පැරණි අා ගිය තැන්
අමතක ව ගිය
නතර වුණ ‍තැන්
ඔරලෝසු කටු එක්ක
පැටලෙනවා දැන් දැන්

කාලය එතරම් ම
වේගෙන්
ගත වෙනවා
ඉපැරණි තැන් පවා
දුහුවිල්ලකින් වසා

No comments:

Post a Comment