Tuesday, November 21, 2017

කුණුකඳුළු කඳු

ඉතින් පුත,
ඔය කඳු මුදුනට ඉහළින්
එදවස සඳ පායන්නට අැති
සඳේ හාවුන් මුලාවක් බැවින්
මැසිමදුරුවන් සමග නුඹ
සෙල්ලම් කරන්නට අැති

කඳු දිගේ ගලා අා අපුල අපජලයෙ
කඩදාස ඔරුවක නැගී දවසක
අෑත දුර රටක් වෙත යන්නට
හිතා ඉන්නට අැති නුඹ

නොයෙක් තැන්වල සිට දින දින
පෙරහැරට අා ලොරි පසුපස
හති වැටෙනකම් තනියෙම
දුව යන්නට අැති නුඹ

හලා ගිය දෑ අතර තිබු ප්ලාස්ටික්
අබලන් ව ගිය බැකෝවක් ගෙන
ගෙමිදුල වැටුණු කැබැලි නුඹ
ගෙනයන්න අැති තැන තැන

මියගිය පුත,

මල්සුවඳ පිස එන මදනල හැදුව
ගහකොළ පිරුණ නිල්අහස යට
කඳු මුදුනට එපිට සිහිනයක්
දකින්නට අැති නුඹ

එහෙත්...

අකල් කල මලක් පර කළ
මම ද එක මිනිසෙකි
සමා වනු පුත!

අදින් පසු හැම විට
වැළකෙමි හැකි පමණ
කා බී ඉතිරි වුණ දැය
මලුවලට බහාලුම
දිරා යන තෙක් සඟවමි
පස් යට මට අයිති ඉඩ තුළ

තවත් එකක් පුත
පෙළක් ජීවිත බඳුනක්
උරා බී අවසන
දැවී ගිය අළු දමන!

No comments:

Post a Comment