Tuesday, November 21, 2017

මහරගම අහස

දහඩියට පෙඟුණ වැරැහැලි
වැසි දියට ඵතෙන ලෙස
සම සම ව මේ පොළොව
බෙදා ගනු අැත ය දිනක

මහරගම අහස මහැදුරෙකි
ජීවිතය මට කියා දෙන
ලංගමක් ඵන තෙක් තවම
බලා ඉන්නා අැස් ළඟ

ඉතිරි කඩමලු පුරව ගෙන
අහස වෙත දුක කියන
අම්මාවරුන් අැත ඵ තැන
කවි අංකුරකි ඵය මිතුර

No comments:

Post a Comment