Tuesday, November 21, 2017

කුමුදු මල

කවි අතර තරු අකුරු පටැලී
අද අමුතු රැයකි අහසේ
සඳ මඬල ළඟ සුවඳ තැවරූ
නුඹ කුමුදු මලකි මිහිරේ

වැහි කුමරු විත් ළඟදි සැරසී
අපමණ සරතැසකි නිව්වේ
හිරු එක්ක අමනාප නො වී
තුටු ගීත කොඳුරමු රහසේ

දුර යද්දි නුඹ මෙන් ම හැරදා
අාදරය වැඩි වුණා පමණි
ළං වෙද්දි සිහිනයකින් පවා
නෙතු පවා අැහැරිලා සැලුණා

No comments:

Post a Comment