Tuesday, November 21, 2017

පහුරු

තෙත් බිමක තුරු හිසක
මල් පිපෙති නොතියා සිදුරු
විල් තෙරක කෙටි දුරක
නිල් නයන දුටුවා ද සොඳුරු

තරු අැසක හුරු මතක
පිල් බිදෙති නොතකා පියරු
ගල් හිතක පෙම් කවක
සිල් බිඳෙනු දැනුණා ද නුහුරු

ළැම හසක උර හිසක
තොල් රැඳෙති හැරදා සලරු
වෙණ තතක වෙන තැනක
කල් රැඳුණු හමු වී ද පහුරු

No comments:

Post a Comment