Tuesday, November 21, 2017

ගැඹුරු වස්සානයකට පසු මතකය ගිම්හානය ම විය

මතකය ගිම්හානය ම විය
ගැඹුරු වස්සානයකට පසු

පත් සිඳුණු තුරු හිසක
නැවුම් මල් සිඹ හමන
සුළඟක් මිරිඟුවකි අද

නිල් අහස මත හඬන
තැවුල් බර වලාවක් ද
ගෙවී ගිය පසු කාලය

ගං ඉවුරු මැදින් බැස
හෙමින් ගලායන විට
ගඟක් වැනි ය ජීවිතය

ගැඹුරු වස්සානයකට පසු
මතකය ගිම්හානය ම විය

No comments:

Post a Comment