Tuesday, November 21, 2017

එක දවසක්

එදා දවසෙ තමයි සීතල උණුසුම
එක ම විදිහට දැනුණෙ
හරියට ම අර හඳ එළියෙ ඉද්දි
පිනි වැස්සකට තෙමෙනවා වගෙ

එ මොහොතෙ ම තමයි
අායෙමත් මතක් කරන්න පුළුවන්
සුවඳක් තිබ්බ මල් පෙති අහුරක්
පුදුම කලබලෙන් සුළඟෙ දැවටුණෙ

කවදාවත් දැකපු නැති හීන
තරු කැට අතර පාවෙනවා කියල
සුරංගනා කතාවල තිබුණට
ඔව්! අැත්තටත් එදා එහෙමයි

ඉතින් මේ හිරිගඩු පිපිලා එක පේළියට
මල් අතර මලක් හිනාවෙනවා දැකල
ලැජ්ජාවට මූණ රතු කරගෙන ඔහොම
ඉන්න එපා සමනල පියාපතක් යට

No comments:

Post a Comment