Tuesday, November 21, 2017

වෙල් ඉපනැල්ල

වෙල් ඉපනැල්ලක දුව යන්න තිබ්බ නම්
තාර අැතිරිල්ලක දෙපා නොගැටී අද මෙන්
පැල්පතක ඉදෙන බතක් මාලුවක් නැවුම්
තලු මරන්නට බලන් ඉන්නේ දොළදුකින්

ඉස්සර හැම අවුරුද්දකට ම වගෙ නෑගම්
යන්නෙ ගමේ මහගෙදර බලා ඉපිලෙමින්
දඟකාර වයසෙ හුන් ඵදා කළ කෙළිකම්
මතකෙට නැගේ ඔන්චිල්ලාව පැද්දෙමින්

බැද්දෙ ගොස් කිරල කන විට පා කවටකම්
සුන්දර ම කාලෙකි ගත වූ නොදැනෙමින්
අතු දරා නිබඳ මල් දැරූ මහ ගහක් උතුම්
අදත් ඉන්නවා අැති ඵන තෙක් මග බලන්

No comments:

Post a Comment