Tuesday, November 21, 2017

කඳුළු වගුරපු මදි ද

යාපනේ සුළි සුළඟ
අාදරය උදුර ගෙන
කඳුළු වගුරපු මදි ද

මද්දලය ඉකිබිඳින
දෙ පතුල් රිද්දවන
නර්තනය සුන්දරද

කෝවිලේ ඉදිරිපස
බැතිමතුන් නමදින
දෙවියන් කොහෙද

ඵක ම ඉර පුච්චද්දි
කළු පාට තවරන්න
ජූලිය ම ඕනෙ ම ද

No comments:

Post a Comment