Tuesday, November 21, 2017

ළපටි ගොයම් පැළ

මේ ඍතුවට පසු
ගිම්හානයට අවැසි ලෙස
වැසි නො එන්නේ දැ යි
ළපටි ගොයම් පැළයක්
අහනවා අහගෙන මම
මව්පැළය වෙත නැවී
කිරිසුවඳ කට අැද කොට

මව්පැළය මදක් නිහඬ ව සිට
සිය පුතුට අාදරෙන්
කියා දෙනවා එතකොට
වැසි නැති කාලෙදිත්
ඉන්න හැටි ඉවසිලි ව
ගිමන නිවනට හැකි
ගිම්හානය නිමා වන තුරු

No comments:

Post a Comment