Tuesday, November 21, 2017

අතරමැද නිහඬ බව හුස්මකින් බිඳලන්න

මං කැමති අඳුරට
විදුලි පහන් නිවී ගිය
කණාමැදිරි ඵළි දැල්වෙන

මං කැමති රහසෙ ම
රැහැයියන්ගෙ දොඩමලු
අහගෙන ඉන්න
අතරමැද නිහඬ බව
හුස්මකින් බිඳලන්න

මං කැමති තරුවල
නිවෙන දැල්වෙන මොහොත
අැස්වලින් අල්ලන්න
ඵ් නිමේෂයේ
සිහිනයක ඵල්බෙන්න

No comments:

Post a Comment